ඉදිරි මැතිවරණවල දී සන්ධානගතව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල ශක්තිමත් කරමින් සිටින බවය.
මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන එම අදහස් පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට බිත්තර ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් අදහස් දක්විමින් ඔහු කියා සිටියේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රශ්න රාශියක් ඇති බව ය. ජනාධිපති බලතල ශක්තිමත් කළ 20 වන සංශෝධනය ඊට හේතුවක් බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.