කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කුඹුරු ගාණේ යමින් චිත්‍රපට රඟපාමීන් ඇතැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
ගොවි මහත්වරුන් ලෙස රඟපාන පිරිස කාබනික ගොවිතැන සාර්ථක බවත් අස්වනු හොඳ බවත් ඇමැතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරන බවයි, තිස්ස අත්තනායක ප්‍රකාශ කරන්නේ.
මුළු රටේ ම ගොවි ජනතාවත් කෘෂි විද්‍යාඥයොත් මෙවර අස්වනු 50%කින් අඩු බවත් ආදායම අඩු වන බව පවසන බවත් පවසන අතර මහින්දානන්ද අලුත්ගමගේ චිත්‍රපට රඟපාමින් සිටින බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.