ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට වඩා වැඩි බරපතළ ආර්ථික ව්‍යසනයකට වර්තමානයේ අමෙරිකාව මූණදී ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු කැබිනට් ඇමැති ඩිව් ගුණසේකර පවසයි.
අමෙරිකානු මහ බැංකුව එක් දිනකට පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 640කට අධික මුදල් නෝට්ටු අච්චු ගැසීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු අනාවරණය කරයි. එමගින් එරට ආර්ථිකය මුහුණදී ඇති බරපතළ ව්‍යසනය පැහැදිලි වන බව ද හෙතෙම කීය.
පවතින තත්ත්වය හමුවේ එරට කර්මාන්ත ඇතුළු ආර්ථික මර්මස්ථාන සියල්ල අක්‍රමණ්‍ය වීමේ අවධානමකට මූණ දී සිටින බවත්, ලෝකය ම මූණ දී ඇති එම අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ජනතාවට අවබෝධ කර දීමට මෙරට දේශපාලකයන් අපොහොසත් වී ඇති බව ද ඩීව් ගුණසේකර වැඩි දුරටත් කීවේය.
මාධ්‍යවේදී චන්දන විජේකෝන් රචිත ‘නවලෝකය – වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවෙල සිරි සරණංකර හිමි භූමිකාව’ කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ 07, නිදහස් මාවත ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවය සමග එකතු වෙමිනි.