මිල්කො ආයතනයේ සභාපති ධූරයෙන් ලසන්ත වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කළේ ඔහු එම තනතුරට පත්කළ විද්වත් මණ්ඩලය විසින් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, ජනාධිපතිතුමා බලයට පත් වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කළ බවත් එම මණ්ඩලය අදාළ පුද්ගලයින්ගේ කාර්ය සාධනය බලා ඔවුන් උසස් කිරීමට හෝ වෙනස් කිරීමට නිර්දේශ ලබා දෙන බවත් ය.
ලසන්ත වික්‍රමසිංහට ලැබුණේ උසස් වීමක් ද ඉවත් කිරීමක් ද යන්න තමා නොදන්නා බවත් සියලු තීන්දු ගන්නේ විද්වත් මණ්ඩලය බවත් හෙතෙම අවධාරණය කරයි.