ආණ්ඩුව ෆේල් කළේ ලිට්‍රෝ සභාපති..! ජනපතිගේ නියෝග අදාළ නෑ..! ආණ්ඩුව ඔහු පන්නා දැමිය යුතුයි..! මහින්ද පතිරණ..

January 13, 2022 at 6:40 pm | by emanisa.lk

පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ගෑස් අර්බුදය විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු මොහොත එළඹ තිබේ. ලිත්‍රෝ සමාගම හා එහි සභාපතිවරයා පසුගිය තෙමස පුරාම ලංකාවම අසමත් කළේය. ඒ අර්බුදයේ එක් පැත්තකි.

අනෙත් අතින් එහි ඇති දේශපාලන බරකි. එහි දේශපාලන බර අන් කාටවත් නොව, පොදුජන පෙරමුණටය. ඒ බව රූපවාහිනී යන්ත්‍රයක් ඉදිරිපස වාඩි වූ ඕනෑම කෙනෙකුට අත්විඳිය හැකිය. භූමිය තුළ දේශපාලනය කරන්නේ එම පෙරමුණයි.

ජනාධිපතිවරයා පවා පත් කළ පොදු ජන පෙරමුණටයි. ඒ අනුව, ආණ්ඩුව තීරණය කළ යුත්තේ තව දුරටත් අදාළ සභාපතිවරයා ආරක්ෂා කරනවා ද නැතිනම් ජනතාව ආරක්ෂා කරනවා ද යන්නයි. තම නොහැකියාවන් වසා ගැනීමට මාෆියා පිටුපස සැඟවීම හෝ ඒවායින් ආවරණය ලබා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *