වරාය නගරයේ කොටසක් විවෘත වෙයි…! ඇවිදින මංතීරුව ජනතා අයිතියට…!

January 9, 2022 at 4:03 pm | by emanisa.lk

වරාය නගර (Port City) මරීනා ඇවිදින මංතීරුව අද (09) ජනතා අයිතියට පත් කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගේ ප්‍රධානත්වයෙනි.

හෙට (10) උදෑසන 9.00 සිට එය මහ ජනතාවට විවෘත වෙයි. ජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිස පිවිසුම ඔස්සේ වරාය නගර ඇවිදින මංතීරුව වෙත පා ගමනින් පිවිසීමට පිවිසිය හැකි අතර එය සෑම දිනක ම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා මහ ජනතාවට විවෘත ය.

අලුතින් ගොඩ කරන ලද වරාය නගර භූමියට අයත් කිලෝමීටර දෙකක වෙරළ තීරය ද දෙවන අදියරේ දී ජනතාවට විවෘත කෙරෙන ඇත.

වරාය නගරයෙහි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් යෝට් යාත්‍රාවන්, ATV (All-Terrain Vehicle)වැලි කඳු සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය, ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය ඇතුළු තවත් බොහෝ පහසුකම් මහ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා එක්කරනු ලැබ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *