රජයේ සේවකයන්ට සහ තෝරාගත් පිරිසකට පමණක් සහනාධාර ලබා දීමෙන් ජීවන වියදම පිළිබද ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, මෙරට සියලු ජනතාවට සහන සැලසීමට නම් භාණ්ඩ මිල පාලනය කළයුතු බවයි.