සහන පැකේජ දුන්නට ජනතා හූ හඬ මැද්දෙන් ආණ්ඩුව පුපුරමින් තිබෙනවා…! – පාඨලී…

January 5, 2022 at 7:47 pm | by emanisa.lk

ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහ ජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකි බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීම බැවින් එය පාලනයට සහන පැකේජය ලබාදුන්නා විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සුසිල් ප්‍රේමජයන්ත ඉවත්කිරීම හා ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මර්දනය කැඳවමින් ඇති බව යැයි ද පාඨලී චම්පික කීවේය.

නැව් දෙකක් වරායේ නවතා ගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇතැයි කී පාඨලී චම්පික රණවක, ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇති විය හැකි බවට ද අනතුරු ඇඟවූයේ ය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *