ආණ්ඩුව රට ම බංකොලොත් කරල….! බදු සහන දුන්නා කියල ආයෝජකයෝ එන්නේ නෑ…!

April 18, 2021 at 2:32 pm | by emanisa.lk

මේ වන විට මෙරට ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටී ඇති බවත්, නුදුරු අනාගතයේදීම රටම බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මෙම තත්ත්වයට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේ තිබිය දී කොපමණ බදු සහන ලබා දුන්න ද බංකොලොත් රටක ආයෝජනය කිරීමට ජාත්‍යන්තර ආයෝජකයන් සූදානම් නොමැති බව ද ඔහු සඳහන් කරයි.

ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට තරම් දේශපාලන ස්ථාවරත්වයක්, ආර්ථික ස්ථාවරත්වයක් මෙරට නොමැති බවත්, ඊට අමතරව උමතු පාලකයන්ගේ කටයුතු හේතුවෙන් ජාත්‍යන්තරය තුළ විශාල අපකීර්තියක් අත්පත් කරගෙන ඇති බවත් චම්පික රණවක පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *