රටට සිදු කළ විනාශයේ සාමූහිකත්ව වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජික් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ, ආණ්ඩුවේ ප්‍රධානින් එක් එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් තමන් නිවැරදි වන්නටත් අනෙකා පිට වරද පටවන්නටත් උත්සාහ කරන බවත් රට ප්‍රපාතයට තල්ලු කිරීමේ වරද එක් අයෙකු නොව සමස්ත ආණ්ඩුවම භාර ගත යුතු බවත් ය.
සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ප්‍රතිපාදන යටතේ ඉදිකරනු ලැබූ ඛෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව පැවසීය.