මතභේදාත්මක යුගදනවි බලාගාරයේ කොටස් 50% ක් ඇමරිකාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම ගැන විමල් වීරවංශ අමාත්‍යවරයා කියන කතා තමාට අදාළ නැති බව නතා විමුක්ති පෙරමුණේද නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
යුගදනවි ගිවිසුම අනුර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ලැබුණු බවට විමල් වීරවංශ කරන ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
අනුර දිසානායක සඳහන් කරන්නේ අදාළ ගිවිසුමේ පිටපත් ඇතැම් කැබිනට් ඇමතිවරුන් පවා ඉල්ලා ගත්තේ තමන්ගෙන් බවයි.
ඒ බව ඇතැම් ඇමතිවරුන් පිළිගත් බවත් වීරවංශ කියන කරුණු තමාට පමණක් නොව ආණ්ඩුවට ද අදාළ නැති බවක් පෙනෙන්නට තිබෙන තවත් එය අදාළ වන්නේ මාධ්‍යයට පමණක් බවත් දිසානායක මහතා සඳහන් කරයි.
ඔහු මේ කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.