බංකොලොත් දේශපාලන ව්‍යාපාරවලට මුක්කු ගහන්න සූදානම් නෑ…! රට පාලනය කළ කිසිදු පක්ෂයක් සමග තවත් සන්ධාන නෑ…! – ටිල්වින්…

December 26, 2021 at 8:04 am | by emanisa.lk

මේ රට පාලනය කළ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වන්නේ නැති බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී හෙතෙම මේ බව පැවසීය.

එසේ ම එම දේශපාලන ව්‍යාපාර සමඟ සිටින රට හැදීමේ ඇත්ත වුවමනාවක් ඇති පොදු ජනතාව තම පක්ෂයට එකතු කර ගන්නා බවත් ටිල්වින් සිල්වා කීවේය.

දේශපාලන වශයෙන් බංකොලොත්භාවයට පත් වන දේශපාලන ව්‍යාපාරවලට නැවත බලය ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහාය නොදෙන බවත් පවතින ආණ්ඩුවේ ඇමැතිකම් දරමින් විසි වැනි සංශෝධනයට සහ අයවැයට පක්ෂව ඡන්දය දුන් දේශපාලන චරිතයක දේශපාලන වශයෙන් පිරිසුදු බවක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

එහෙත් දයාසිරි ජයසේකරගේ ප්‍රකාශය ගැන ස්තූතිය පළ කරන බවත් හෙතෙම වැඩි දුරටත් කීවේය.

මේ අතර තිස්ස අත්තනායක පවසන්නේ, සමගි ජන බලවේගය අලුත් දේශපාලන ව්‍යාපාරයක් බවත් ජවිපෙ සමග එකතු වන්නට සූදානම් බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *