ඇඟළුම් අපනයනයෙන් වසර 2025 වන විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 08ක් උපයාගත හැකි බවට ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති, හයිඩ්‍රාමිනී අධ්යක්ෂ අරූන් හයිඩ්‍රාමිනී විශ්වාසය පළ කරයි.
මේ වන විට ශ්‍රී ලංකාව ලෝක ඇඟළුම් වෙළෙඳපොළට ලබා දෙන දායකත්වය 1%ක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකයේ සැපයුම් ජාල බිඳ වැටී ඇති බව පෙන්වා දෙන අරූන් හයිඩ්‍රාමිනී, ශ්‍රී ලංකාවට රාජ්‍ය අනුග්‍රහය සහ නිදහස් වෙළඳ ගිවිසුම් ඔස්සේ කලාපයේ ඇඟළුම් කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකි බවත් ප්‍රකාශ කරයි.
පසුගියදා පැවැති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව – 2021ට (Sri Lanka Economic Summit – 2021) එකතු වෙමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.