කින්නියා ඛේදවාචකයට වගකිව යුත්තේ සජබෙ නගර සභාවයි…! – ජොන්ස්ටන්..

November 23, 2021 at 9:56 pm | by emanisa.lk

කින්නියා පාරු පාළමෙන් රැගෙන ගිය දරුවන් ඇතුළු පිරිසට නියමිත පරිදි ජීවිතාරක්ෂක කබා ලබා දී නොතිබූ බව වාර්තා වී ඇතැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මෙම පාලම් පාරුව සඳහා බලපත්‍රය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය පාලනය කරන කින්නියා නගර සභාව විසින් බවය.

පසුගිය යහපාලන ආණ්ඩුව 2015 වසරේ කිසිද ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම පාලමට මුල් ගල තබා තිබූ බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් සිදුකළේ වර්තමාන ආණ්ඩුව බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙම පාළම ඉදිකරන තුරු ජනතාවට භාවිතය සඳහා මාර්ගයක් ලබා දුන්න ද එය කි.මී. 3ක් දුර නිසා ජනතාව එය භාවිත කිරීමට අකමැති වූ බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු අනාවරණය කළේය.

එහෙයින් විපක්ෂයේ නගර සභාවක් විසින් සිදුකරන ලද වරදක් ආණ්ඩුව මත පැටවීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා මෙය මිනී මැරුමක් බවත් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *