උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව ⁣පළවා හරිනවා..! – සජිත්..

November 23, 2021 at 4:19 pm | by emanisa.lk

කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් හෙතෙම පවසයි.

අද තරුණ පරපුරේ අපේක්ෂාභංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස