‘පිස්සු නායක සජිත්…’ පුවරු ඔසවා ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂ පැත්තේ උද්ඝෝෂණයක්….

April 8, 2021 at 1:40 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේදී අද ඇති වූ උණුසුම් තත්ත්වය මැද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද විරෝධතා පුවරු ඔසවාගෙන සිටින දක්නට ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ඔසවා ගෙන සිටියදී ආණ්ඩුවේ මන්ත‍්‍රීන් ද ඒ අසලට ගොස් ඔවුන් ඔවුනගේ පුවරු ඔසවා ගෙන සිටිනු දැකගත හැකි විය.

‘පිස්සු නායක සජිත්’ ලෙස එම පුවරුවල සඳහන්ව තිබිණි. ඇමැති චමල් රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා අතර ඇති වූ උණුසුම් වාග් හුවමාරුවට පසු මෙම විරොධතාව ඇරඹිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස