ලෝක පාපන්දු සභාපති ජාතික කොඩිය සහිත මුව ආවරණය පැළඳීමට හේතුව මෙන්න…!

November 22, 2021 at 6:46 pm | by emanisa.lk

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකා සංචාරයේදී සිංහ ධජය සහිත මුව ආවරණයක් පැළඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

එම මුව ආවරණ පැළඳ තිබුණේ ශ්‍රී ලංකාව කෙරෙහි ඔහු තුළ ඇති ගෞරවය සහ ආදරය නිසා බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවල දී මුහුණු සිතුවම් (face paint) සහ ජාතික ධජය භාවිත කර සිය රටට ඇති ආදරය සහ සහයෝගය සංකේතවත් කරන නිර්මාණ කරන බවත් එමගින් රටට ගෞරවයක් මිස කිසිදු අගෞරවයක් සිදු නොවන බවත් එවැනි කිසිදු අදහසක් සිය සභාපතිවරයාට නොතිබූ බවත් එම නිවේදනය මගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *