හකීම් බදියුදීන් වෙල මැද තනි වෙයි…! මන්ත්‍රී පිරිස අයවැයේ දී ආණ්ඩුවට…?

November 22, 2021 at 6:15 am | by emanisa.lk

විපක්ෂය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි අයවැයේ දී ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ ලෙස නොවුවත් මන්ත්‍රීවරුන් ලෙස හෝ ඔවුන් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

රිෂාද් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂයේ සහ රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මේ සඳහා සූදානම් වෙමින් ඇතැයි සඳහන්ය.

රිෂාද් බදුර්දීන් හා රවුෆ් හකීම් ආණ්ඩුවට සහාය නොදුන්න ද ඔවුන් නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් අයවැයේ දී ආණ්ඩුවට සහාය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ. බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රී පිරිස 20 වන සංශෝධනයට ද පක්ෂ වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *