පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිස ඊට පෙර වීඩියෝගත කළ ඔවුන්ගේ සමුගැනීමේ හමුවෙහි කොටස් මේ වන විට මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.
එහිදී සහරාන් ප්‍රකාශ කරන පරිදි පාස්කු ප්‍රහාරය එල්ල කරන්නේ නවසීලන්තයේ දී මුස්ලිම් භක්තිකයින්ට පහර දීමට සහ බටහිර රටවල් එක්ව සිරියාව, ඉරාකය වැනි මුස්ලිම් රටවලට එල්ල කළ ප්‍රහාර සඳහා පළිගැනීමක් වශයෙනි.
මෙම ප්‍රහාරය සඳහා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරනුයේ නවසීලන්ත ක්‍රිස්තියානි අන්තවාදියෙකු මුස්ලිම් පල්ලියකට එල්ල කළ ප්‍රහාරයකට පළිගැනීමක් වශයෙන් වන අතර හෙටෙල් සඳහා පහර දෙන්නේ මුස්ලිම් රටවලට ප්‍රහාර එල්ල කළ බටහිර රටවලින් පැමිණි සංචාරකයින්ගෙන් පළිගැනීම සඳහාය.
මෙම ප්‍රහාරය සඳහා මුස්ලිම් නොවන කිසිවෙකුගෙන් තමා කිසිදු මුදලක් නොගත් බවත් සියලු මුදල් හරාම් බවත් සහරාන් අවධාරණය කරයි.
එසේ ම ශ්‍රී ලංකා මුස්ලිම් කලිෆාවේ කොටසක් කර අබු බකර් බග්දාදියාගේ පාලනය සඳහා යටත් කිරීම සඳහා මුස්ලිම් නොව ජනතාවට ප්‍රහාර එල්ල කරන ලෙස ද ඔවුන් සමග ඇති සියලු සබඳතා අත්හරින ලෙස ද සහරාන් මෙම වීඩියෝව මගින් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි.