කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අනාථයි…! ආණ්ඩුව චීන පොහොර නැවත පරික්ෂාවට සූදානම්..!

November 14, 2021 at 8:40 pm | by emanisa.lk

ආන්දෝලයට ලක්ව ඇති චීන පොහොර තොගය ස්වාධීන තෙවන පාර්ශ්වයක් ලවා පරික්ෂා කරවීමට චීන සමාගම සහ රජය එකඟ වී ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති චී. ෂෙන්ග්හොන්ග් පවසයි.

චීන තානාපතිවරයා අද (14) මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අනාවරණය කළේය.

ඔහු එහිදී සඳහන් කළේ මෙම පොහොර ගැටලුව කිසිසේත් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට එය පත්කර ගතයුතු නැති බවත් වාණිජ වශයෙන් විසඳා ගතයුතු බවත්ය.

“පොහොර අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. මගේ පුද්ගලික මතය තමයි කාබනික පොහොර අර්බුදය වාණිජමය ගැටලුවක්.

මම කනගාටුවට පත්වෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් මේ ගැටලුව ව්‍යාකූල කිරීමට මෙය දේශපාලනීකරණයට ලක්කිරීමට තැත් කිරීම පිළිබඳව.

මට දැනගන්න ලැබිලා තියෙනවා චීන සමාගම සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙනවා නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට තුන්වන පාර්ශ්වයක පරීක්ෂණයක් සිදුකරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස