චීන පොහොරවලට මුදල් නොගෙව්වේ අධිකරණ තහනම නිසයි…! තහනම අයින් කළා ම ගෙවනවා…! – මහජන බැංකුව…

October 29, 2021 at 1:17 pm | by emanisa.lk

අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් චීන සමාගමට නියමිත පරිදි ගෙවීම් කළ නොහැකි වූ බව මහජන බැංකුව පවසයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව මේ බව ප්‍රකාශ කර තිබේ.

මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගෙන තිබුණි.

අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව දැනුම් දී තිබේ.

දැනට මතභේදයකට ලක්වී ඇති චීන සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ මහජන බැංකුව හරහාය.

එහෙත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය. ඒ සඳහා ගෙවීම් නොකරන ලෙස අධිකරණය මහජන බැංකුවට නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *