චීන පොහොර නැව භාරගන්න බෑ…! – අගමැති මහින්ද චීන තානාපතිට කියයි…

October 28, 2021 at 2:17 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ශාඛ නිරෝධායන ආයතනය මගින් ප්‍රතික්ෂේප කළ චීන පොහොර නෞකාවේ තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන තානාපති වී. ශෙන්හොන්ට දැනුම් දී තිබේ.

චීන තානාපති වී. ශෙන්හොන් ඊයේ 28 පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තම රට ඉල්ලා ඇති නිර්ණායකවලට අනුව ලබාදෙන පොහොර පමණක් අප බාර ගැනීමට සූදානම් බව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මෙම කරුණු ඉදිරිපත් වූයේ අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *