කාබනික පොහොර කියා චීන මඩ ගොහොරුවක් ගේනන හදනවා…! – ජවිපෙ….

September 21, 2021 at 6:17 pm | by emanisa.lk

කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

එම මඩ ගොහොරුවෙි අහිතකර බැක්ටීරියාවක් අඩංගු බව දැන් හෙළි වී තිබෙන බව කී විජිත හේරත් මෙලෙස කැලිකසල ගෙනත් ගොවියා අමාරුවේ දමා ආර්ථිකය ගොඩ ගන්න බැරි බව ද කීය.

මාස හතරක් ගතවී ඇතත් අද වනතුරු අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට වැඩපිළිවෙළක් නොමැති බවත් මහ කන්නයේ දී වගා සඳහා පොහොර වෙළඳපොළේ නැති බවත් විජිත හේරත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස