වරාය නගරයෙන් අපේ ආර්ථිකයට ඩොලර් බිලියන 14ක ශක්තියක්…! – Pricaterhouse Coppers කියයි..

November 11, 2021 at 8:36 am | by emanisa.lk

කොළඹ වරාය නගරය (පෝට් සිටි) පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමත් සමග එමගින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට අමතර එක්සත් ජනපද ඩොලර් බිලියන 13.8ක් (රුපියල් කෝටි 2,80,140) එක්කරනු ඇතැයි ලොව දෙවැනි විශාලතම වෘත්තීය ගිණුම්කරණ ආයතනය වන ‘ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් (Pricaterhouse Coppers) විසින් තක්සේරු කර ඇත.

කොළඹ වරාය නගරය ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැවැන්ත මුහුදු ප්‍රදේශයක් ගොඩ කර තැනූ කොළඹ වරාය නගරය හෙක්ටෙයාර් 269ක භූමි භාගයකින් යුක්ත වෙයි.

චයිනා හාබර් ඉංජිනියරිං සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පළමු අදියරේ ඉදිකිරීම්වලින් සියයට 99ක් දැනට අවසන් කර ඇතැයි වරාය නගර වෙබ් අඩවිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *