වර්තමාන ආණ්ඩුව නැට්ට නැති ගොනෙක් වගෙයි…!  – ගම්මන්පිල…

November 9, 2021 at 10:49 pm | by emanisa.lk

ඇතැම් ප්‍රදේශවලට භූමිතෙල් විකිණීම සීමා කිරීමට සිදුව ඇතැයි, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (09) මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර උඳුන්, බෝට්ටු පමණක් නොව, බස් රථ පවා මේ දිනවල භූමිතෙල්වලින් ධාවනය කිරීම අරඹා ඇති බවයි.

“ගෑස් හා භූමිතෙල් අතර දැවැන්ත මිල පරතරය නිසා ජනතාව ගැස් උදුන් වෙනුවට භූමිතෙල් උදුන් භාවිතයට පෙළඹිලා තියෙනවා. ඒ නිසා තමයි අපි භූමිතෙල් හිඟයකට මුහුණ පැවේ. මොකද භූමිතෙල්වලින් දුවන එක ඩීසල් භාවිතයට වඩා අතිශයින් ලාභදායක නිසා දැන් අපි භූමිතෙල් විකුණන්නේ එක ලිටරයට රු. 33 ක් පාඩුවට.

දවසකට භූමිතෙල් විකිණීමෙන් සංස්ථාව මිලියන 23ක් පාඩු ලබනවා. ධීවරයන්ට හා ගොවීන්ට ලබා දි ඇති සහනය ව්‍යාපාරික ප්‍රජාව අවභාවිත කිරීමට පෙළඹුණ හොත් අත්‍යාවශ්‍ය පිරිසට හෝ එම සහනය ලබා දීමට බැරිවෙයි.

අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධිවර ප්‍රජාව නැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරිම පාලනයක් සහිතවයි කරන්නේ.

මේ නොවැම්බර් මාසේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතිතුමාට භාරයි. කලින්තු කළේ, මුදල් ඇමතිතුමා නේ, මම කළේ එක වතාවයි නේ. වළිගය ඇති ගොනා මැස්සට බැටදුණි – වළිගය නැති ගොනා උන්නා වැනි වැනි – ඩොලර් දුප්පත්කමින් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුවත් දැන් වළිගය නැති ගොනා වැනි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *