පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අනුව දිවයිනේ ප්‍රධාන ගංඟා නවයක් ආශ්‍රිතව ඉදිරි දිනවල ගං වතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, කළු, නිල්වලා, ගිං සහ බෙන්තර යන ගංගා ද්‍රෝණි සහ දැදුරු, මහ, අත්තනගලු සහ කලා ඔය ආශ්‍රිතව ගං වතුර තත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූර්ව ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
මේ වන විට පවතින වැසි තත්ත්වය, ඉදිරි දිනවල දී ඇතිවිය හැකි වර්ෂාපතනයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති අනතුරු ඇඟවීම් සහ දිවයිනේ ජලාශවල දැනට පවතින ජලධාරිතාව අනුව මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කරයි.
වැසි තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් මෙම ගංගා ආශ්‍රිතව සැලකිය යුතු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.