වහාම වැටුප් වැඩි කරනු…! ගුරුවරු 09 වෙනිදා ලිප්ටන් වට රවුමට..!

November 5, 2021 at 1:29 pm | by emanisa.lk

ගුරු – විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේ දී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා ගුරු සංගමයේ ඇතුළු ගුරු සහ විදුහල්පති සංගම් රැසක සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් එදින කොළඹ පැමිණීමට නියමිත බව ද හෙතෙම සඳහන් කරයි.

රජය ගුරු වැටුප් ගැටලුවට විසඳුම් දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනත් අතකට හැරවීමට උත්සහ කරමින් සිටින බවට ද ස්ටාලින් චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *