ඊළඟ ජනාධිපතිවරණයට විමල් පිලෙන් අපේක්ෂකයෙක්…!

November 3, 2021 at 2:59 am | by emanisa.lk

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත චෝදනා කරයි.

“විමල් සහෝදරයා උදය ගම්මන්පිල මෙන්න මෙහෙම කථාවක් කියනවා. “විමල් මේ මැතිවරණය අපි අනිවාර්යෙන්ම ජයගන්නවා. ගෝඨා අනිවාර්යෙන් මේ මැතිවරණය ජයගන්නවා. මෙතනින් පස්සේ රාජපක්ෂවරු මේකෙන් අයින් කරන්න ඕනේ. අපේ කණ්ඩායමේ කෙනෙක් ඊළඟට හැදෙන්න ඕනේ.”

මේ ප්‍රොජෙට් එක තමයි මේ ගෙනියන්නේ ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා උදය සහෝදරයාට, විමල් සහෝදරයාට අඟේ ඉඳලා කන කන්නේ නැතුව කෙලින් සටන් බිමට එන්න ඔබට පුළුවන් නම් සටන් කරන්න. ඔබට පුළුවන්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.

අපි ඉතාමත් පැහැදිලිව කියනවා මඩෙන් නෙවෙයි ගොඩින් එන්න කියලා. මොකද ඔවුන්ගේ ඉලක්කගත වැඩපිළිවෙලක් තියෙනවා මීළඟ මැතිවරණයේදී ඔවුන්ගේ ම කෙනෙක් ඉදිරිපත් කරන්න.”

අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *