2025 ජනපති අපේක්ෂක සජිත් කියන්න මට බෑ…! පවුල්වාදී දේශපාලනය අතුගා දැමීම මගේ සිහිනයයි….! – සජිත්ට එරෙහිව පාඨලී එළිපිට සටනට…

June 9, 2021 at 9:35 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වේ ද යන්න තමන්ට කිව නොහැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ අවස්ථාවේ පැවැති හොඳ ම විකල්පය සජිත් ප්‍රේමදාස වූ නිසා ඔහුට සහාය ලබා දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉදිරියේ දී සජිත් ප්‍රේමදාසගේ හැසිරීම් සහ අනෙකුත් දේශපාලන කාරණා මත අනාගත ජනාධිපති අපේක්ෂකයා තීන්දු වනු ඇතැයි පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

මේ රටේ පවුල්වාදයට උරුම වී ඇති මේ රටේ දේශපාලනය නිපුණතා සහිත පරපුරට දිනා දීමේ සිහිනයක් තමා වෙත ඇති බවත් ඔහු අවධාරණය කරයි.

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම රැස්ව සජිත් ප්‍රේමදාසට සහාය දීමට ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත් බව ප්‍රසිද්ධියට පත්කර පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි. සජිත් ප්‍රේමදාස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස