එක රැයකින් රසායනික පොහොර නවතා කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ නාඩගම හරහා ආණ්ඩුව රාජතාන්ත්‍රික අර්බුදයකට මුහුණ දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මේ නිසා චීනය අනිසි ලෙස රටට බලපෑම් කරන බවත් ජනතා ගැටලුවලට ආණ්ඩුව ලබා දෙන විසඳුම් මහදැනමුත්තා ලබා දුන් විසඳුම්වලට සමාන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරයි.
ගොවියාගේ පොහොර ගැටලුවට ආණ්ඩුව ලබා දුන් විසඳුම මුට්ටියේ හිස හිරකරගත් එළුවාගේ බෙල්ල කැපීමට සමාන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ඉන්දියාව පවා භාවිත නොකරන පොහොරක් මෙරටට ගෙන ආවේ කාගේ අවශ්‍යතාව මත දැයි පුබුදු ජයගොඩ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.