තාප බලාගාර මාෆියාවට විමල්ලා ගම්මන්පිලලා විකිණිලා…! LNG ව්‍යාපෘතියට විරුද්ධ වෙන්නේ ඒකයි…!

October 30, 2021 at 9:10 am | by emanisa.lk

විදුලි මාෆියාව පරදවමු !

රටට වාසිදායක ආයෝජනවලට එරෙහි වන සියලු දෙනාට අවශ්‍ය වන්නේ රට තවත් පසුපසට ගෙන යන අතරතුර ම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීමේ අපේක්ෂාව පමණක් වේ. රටේ ආර්ථිකයට හෙණ වැදුනද ඔවුන්ට ගාණක්වත් නැත. ජාතික අභිලාෂවලට එරෙහි තීරණවලට අප ද සහාය දෙන්නේ නැත.

එහෙත් විදේශයකින් එන ඕනෑම ආයෝජනයකට එරෙහි වීම නම් රෝගයකි. හම්බන්තොට වරාය චීනයට බදුදීමට එරෙහිව අප එරෙහි වූයේ 85%ක කොටස් චීන සමාගමට ඩොලර් බිලියනයකට ලබාදුන් නිසාය. එය BOT ක්‍රමයට දෙන වර්ගයේ එකකි. (එවැන්නක් දෙන්නේ පවා වසර 35කටයි). ණය ගෙවීමට ද අපට සිදුවේ.
එහෙත් නැ⁣ගෙනහිර ජැටි ආයෝජනය අපට ඉතා වාසිදායක වූවකි. ඒ මන්ද යත් ජැටියේ කොටස් 51%ක් අපට හිමි අතර ඉතිරි කොටස් 49% වෙනුවෙන් ඩොලර් මිලියන 700ක් ද ලැබේ. ජැටියේ නව දොඹකර සවි කිරීම හා ඉතිරි කොටසේ වැඩ අවසන් කිරීම ද ආයෝජකයා විසින් කරයි. ඊට එරෙහි වීම නිසා සිදුවූයේ බටහිර ජැටියේ 85%ක් ඉන්දියාවට දීමයි. එය කොතරම් අඥාන තීරණයක් ද යන්න ඒ හරහාම වැටහෙයි.

එම අඥාන හා අදූරදර්ශී පිරිසම දැන් LNG ආයෝජනයටද එරෙහි වෙමින් සිටි. මොවුන්ට අවශ්‍ය වන්නේ විදුලිබල මණ්ඩලය සදාකල්ම පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස තබා ගැනීමයි. ජනතාවට දැරිය නොහැකි විදුලි බිලක් හිමිකර දීමයි. විදුලි මාෆියාවට අවශ්‍ය වන්නේ ද එයමයි. ඔවුන් දෙවියන් යදිමින් ඉන්නේ වැස්ස නැවතී ජලාශ සිඳෙනතුරුය.

එවිට අනිවාර්යයෙන් රජයට ඔවුන්ගේ පුද්ගලික තාප බලාගාරවලින් අධික මිළට විදුලිය මිළට ගෙන ඉන් අඩකටත් වඩා අඩුවෙන් ජනතාවට විදුලිය දීමට සිදුවේ. අප මේ විෂම චක්‍රය අවසන් කළ යුතුයි.

ඇමරිකානු සමාගම විසින් දැනට තිබෙන කෙරවලපිටිය බලාගාරය 2023 වන විට LNGවලට හරවා ක්‍රියාත්මක කිරීම තුළින් විදුලි ඒකකයක මිළ 30%කින් පමණ අඩුවේ. එමෙන් ම ඔවුන් විසින් එම ස්ථානයේ ම තවත් මෙගාවෝට් 350ක බලාගාරයක් නිර්මාණය කළ විට LNG වලින් පමණක් එන මෙගාවෝට් ප්‍රමාණය 700කි.

එහි අර්ථය තවදුරටත් අධික මිළ පුද්ගලික තාප බලාගාරවලින් යැපීමට විදුලිබව මණ්ඩලයට අවශ්‍ය නොවීමයි. පුද්ගලික තාප බලාගාර වැසී යනු ඇත. එසේ නම් ඔවුන් කෝටි ගණං විසිකරමින් LNG ආයෝජනයට විරෝධයක් නිර්මාණය නොකර සිටිනු ඇතිද? ඔවුන් කොතරම් ඊට වියදම් කරනු ඇතිදැයි සිතා ගැනීමට විදුලිබල ඇමතිවරයා ද ඇතුළු තවත් ආණ්ඩුවේ ම 3% පක්ෂවල පිරිස් තම සාක්කුවට දමා ගැනීමෙන් පෙනීයයි.

මහින්ද පතිරණ…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *