Moody’s ශ‍්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් පතුළට ම දමයි..! ලංකාවට පහළින් බංකොලොත් රටවල්…!

October 29, 2021 at 7:09 am | by emanisa.lk

ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa2 සිට Caa1 දක්වා පහත හෙළා ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතා අවම වී ඇති තත්ත්වය මත විදේශ ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සඳහා බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් මෙම ශ්‍රේණිගත කිරීම ජුලි 19 වන දින ආරම්භ කරන ලද සමාලෝචනයක කොටසක් බව එහි සඳහන්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම පිළිගත නොහැකි බව සඳහන් කරමින් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය සිය ණය බැඳීම් සපුරා දීමට කැප වී සිටින බවය.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් කාලානුරූපී සහ පිළිගත නොහැකි තත්ත්වයක් ඇති බව ද මහ බැංකුව කියා සිටියි.

ශ‍්‍රී ලංකාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට පහලින් ඇත්තේ බංකොලොත් තත්වයේ ශ්‍රේණිගත කිරීම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස