ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.
එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.