මම යොහානි මුහුණුපොතේ වර්ණනා කළා…! නමුත් ඒකී මගේ කෝල් එක ආන්සර් කළේ නෑ…! ඕකිටත් වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චි දේමයි..! – වනවාසී රාහුල හිමි…

October 28, 2021 at 10:10 am | by emanisa.lk

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.

අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවා නම් හොදයිනේ. ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා. ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබ පතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්. මෙන්න යකෝ කතා ක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්. එයාට කතාකරන්න බැහැ, එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා. යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා. බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ.

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔිනේම එකෙකුට ඔිනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුනාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඔිනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඔිකමයි.

මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ

තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුනා.සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.

අනික ඔික රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල අපෝ …

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස