වසර එක හමාරකට පසුව පාසල් යළි විවෘත කිරීමට යන අවස්ථාවේ දී පාසල්වලට නොපැමිණෙන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර, නීතීඥ රාජා කොල්ලුරේ පවසයි.
පාසල් විවෘත කිරීමේ කටයුතුවලට බාධා කරන සහ විරුද්ධව ක්‍රියා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.
පාසල් විවෘත කරන්නේ 21 වැනිදා වුවත් ගුරු සංගම් පවසන පරිදි ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ 25 වැනිදා බව කී ආණ්ඩුකාරවරයා එම යෝජනාව හකුලා ගෙන 21 වැනිදාම පාසලට පැමිණෙන්නට සිතුවොත් හොඳයි යනුවෙන් ද කීවේය.
පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කරන්නට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් එයට ඉඩනොදෙන බවත්, පාසල් විවෘත කිරීමට විරුද්ධවීම දේශද්‍රෝහී, සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බව ද පැවසීය.
කම්කරු නීතිය අනුව වර්ජනයක් පවතින අවස්ථාවේ දී වර්ජකයන්ට වැටුප් ගෙවන්නේ නැති බවත්, වර්ජනයෙන් පසුව අවශ්‍ය නම් වැටුප් ලබා ගැනීමට හැකි බවත්, එය තමන් නීතිඥවරයකු ලෙස දන්නා බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
රාජා කොල්ලුරේ මේ බව පැවසුවේ කුරුණෑගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.