පඩි වැඩි නොකළොත් 21ත් ඉස්කෝලේ එන්නේ නෑ..! – ජෝෂප් ස්ටාලින්…

October 8, 2021 at 2:29 pm | by emanisa.lk

ගුරු – විදුහල්පති වෘත්තීය ගැටලු සඳහා අවසන් විසඳුමක් ලැබෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ, ඔක්තෝබර් 21 වන දා පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සඳහා විසඳුමක් අවශ්‍ය බවය.

“ගුරු – විදුහල්පති අරගලයට අදට දින 89යි. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ දී ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු කැඳවලා තියෙනවා සාකච්ඡාවක් සඳහා. අපි දන්නවා 21 පාසල් ආරම්භ කිරීමට තමයි සැලසුම් කරන්නේ.

අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ, වහාම මේ ක්‍රියාවලිය සිදුකිරීමට පෙර සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර, මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියන කාරණය. එහෙම නැත්නම් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න වෙනවා.

මේ වෙනකොට ගුරුවරුන්ව විවිධ කාර්යයන් සඳහා පාසල්වලට කැඳවන්න යනවා. අපි අධ්‍යාපන ලේකම්වරයාටත් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත් අපි ලිඛිතව දැනුම්දුන්නා අද දිනයේ දී එවැනි කැඳවීම් සියල්ල අපි වර්ජනය කරනවා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස