වර්තමාන ආණ්ඩුවට කළ හැකි හොඳ ම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
බඩු මිල අඩු කිරීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව රටේ සංවර්ධන කමිටුවලට මිලියන ගණනින් මුදල් වෙන් කරන බවට ද චෝදනා කළේ ය.
රට දැවැන්ත ආර්ථික අර්බුදයක් ඉදිරියට පැමිණ ඇති බවත් මේ තරම් හොඳට කිරීමට තවත් කිසිවෙකු නැතැයි සිතන්නේ නම් දිගට ම මෙලෙස ඉදිරියට යමු යැයි ද ප්‍රකාශ කළේය.
ජනතාවට අවසානයේ බඩගින්නේ දුක්ගින්නේ ජනතාවට වද විඳින්නට සිදුවනු ඇතැයි ද සජිත් ප්‍රේමදාස අනතුරු ඇඟවූයේ ය.