පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය වත්කම් පිළිබඳ කරුණු අනාවරණය සඳහා තමා සූදානම් බව රංජන් රාමනායක පවසයි.
ඒ පිළිබඳ තොරුතුරු සිය හඬපට එකතුවෙහි ඇතැයි ද ඔහු අනාවරණය කරයි.
මේ අතර සිය නීතීඥයා මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් රංජන් රාමනායක පවසන්නේ නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් පිළිබඳ විමර්ශනයට අදාළ තොරතුරු ලබා දීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසය.