ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් වැඩි කිරීමට අපේක්ෂා කර ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඉදිරියේ දී ඉන්ධන මිල ඉහළ නැංවීමේ හැකියාවක් ඇති බවත් මුදල් අමාත්‍යංශය සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.