හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන්, පැනඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනිද්දා (08) කැඳවා ඇත.
පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ කළ දැනුම් දීම මත තිරුකුමාර් නඩේෂන් කොමිසම හමුවට කැඳවීමට තීරණය කළ බව එම ආරංචි මාර්ග පවසයි.
පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් තමාගේත් බිරිඳගේත් නම සඳහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයකු පත්කරන ලෙසත් සඳහන් කරමින් තිරු කුමාර් නඩේෂන් ද අද (06) ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබිණී.
නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා එක්ව පිහිටුවා ඇති සමාගමක් මගින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිල දී ගෙන ඇති බවට එම පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇත.