කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන ගොවීන් ලක්ෂ 05 කට පමණ දැනටමත් රුපියල් කෝටි 375ක මුදලක් ගෙවා ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
ඒ අනුව එම ගොවීන්ට කාබනික පොහොර නිපද වන හෙක්ටයාරයක් සඳහා රජය ලබාදීමට පොරොන්දු වූ 12,500ක මුදලින් රු. 7,500ක මුදල ඉහත ආකාරයට ගෙවා ඇතැයිද ඇමැතිවරයා කියයි.
නැඟෙනහිර පළාතේ ගොවි ජනතාව සඳහා පමණක් ගෙවා ඇති මුදල කෝටි 100කට අධික ය.