රටට දැරිය නොහැකි මට්ටමේ මිලිටරි යාන්ත්‍රණයක් නඩත්තු කිරීම මෙරට ආර්ථික අර්බුදයට මූලික හේතුවක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.
ආර්ථික අර්බුදයේ මුල්!!!
=============
මගේ අදහසේ හැටියට දැන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල්වී ඇති හේතු මේවාය.
* රටට දැරිය නොහැකි මට්ටමේ විශාල මිලිටරි යන්ත්‍රයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම
* වටිනාකම් උපයනවාට වැඩියෙන් වියදම් කරන මධ්‍යම පංතියක වර්ධනය
* දුරදිග නොබලා ආර්ථිකය තාවකාලිකව ක්‍රියාකාරී කිරීමට හා දේශපාලන අරමුණු මත විදේශ ණය ලබාගෙන සිදුකල සැබෑ ලෙස ආදායම් උපදවන්නේ නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘති.