හරීන් ප්‍රනාන්දු නැවතත් රෝහල්ගත කරයි….!

September 29, 2021 at 7:02 am | by emanisa.lk

හෘද වස්තුව ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු යළි රෝහල් ගත කර ඇත.

මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු හෘද වස්තුව ආශ්‍රිත සැත්කමකට භාජනය කරනු ලැබු අතර පෙර සිදුකළ සැත්කම හේතුවෙන් ඔහුට මෙම සංකුලතා ඇති වන්නට ඇති බව සැක කෙරේ.

ඊයේ ඔහු දැඩි සත්කාර ඒකකයේ පසු වුවත්, ඔහු අද වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා ඇත.

ලබන සිකුරාදා හරීන් ප්‍රනාන්දු නැවතත් ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *