පාසල් ආරම්භ කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පවසයි.
බ්‍රිතාන්‍යය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය උපුටා දක්වමින් මහාචාර්ය පූජිත වික්‍රමසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති සාකච්ඡාවකදී මේ බව පැවසීය.
වැක්සින් යනු “රිදී උණ්ඩයක්” නොවන බව ද ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වය සමනය නොවන බව ද එම සංගමය උපුටා දක්වමින් මහාචාර්යවරයා මෙහි දී සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමට හෝ පවත්වා ගෙන යාමට එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව බ්‍රිතාන්‍යය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය සඳහන් කොට තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයද තවමත් වයස අවුරුදු 12ට අඩු ළමයින් එන්නත්කරණය අනුමත කොට නැතැයි ළමාරෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මෙහි ප්‍රකාශ කළේය.