දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න එපා…! හෙළ ඖෂධ ලබා දෙන්න…! – සෝභිත හිමි…

September 15, 2021 at 1:31 pm | by emanisa.lk

පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළ යුතු වුවත් අත්හදා බැලීමට හෝ පරීක්ෂණ කිරීමට කොවිඩ් එන්නත් ලබාදීමට ළමයින් යොදා නොගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොවිඩ් මරණ වැළැක්වීම එකමුතුව අද(14) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නිසි විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා නොදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ මෙහි දී වැඩි දුරටත් ඉල්ලි සිටියේය.

කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා දරුවන්ට එන්නත් ලබා දීමට විද්‍යාඥයින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නැති අතර ඒ සඳහා අනුමැතියක් ලැබී නැතැයි ද ඒ හිමියෝ පෙන්වා දෙති.

එම නිසා ශ්‍රී ලංකාවේ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අත්හදා බැලීමක් සිදු නොකරන ලෙසත් පාසල් විවෘත කරන්නේ නම් ඒ සඳහා දේශීය නිෂ්පාදනය කරන ලද ප්‍රති-ශක්තිකරණ ඖෂධ ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස