ජගත්ට මන්ත්‍රීකම අං තට්ටුවක් වගේ…! අං තට්ටුව ලැබෙන අන්තිම පාර මේ…! පොලිසියට බලපෑම් කළ අය ළඟදිම හෙළි කරනවා…! – ඇමැති ලොකුගේ…

September 18, 2021 at 8:02 pm | by emanisa.lk

ජගත් කුමාර මන්ත්‍රීවරයා පිළිබඳ තමන් කනගාටු වන බවත් ඔහුට ලැබුණු මන්ත්‍රී ධූරය කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද පසු අං පැමිණීම වගේ වී ඇති බවත් අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

1983 සිට ජනතා ඡන්දයෙන් අඛණ්ඩව ජයගත් තමන්ට ජගත් කුමාර සමග තමන්ට කිසිම ගැටුමක් නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තමා ඇමැති සරත් වීරසේකර සමඟ එකට වාඩි වී ජගත් කුමාරගේ චෝදනාවලට පිළිතුරු දීමට සූදානම් බවත් පොලිස් නිලධාරීන් මාරු කිරීමට ලිපි යොමු කළේ කවුදැයි එහි දී හෙළිවනු ඇති බවත් ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි.

ජගත් කුමාර වැනි අය බොහෝ ගණනක් දැක ඇති බවත් ඔවුන් ඊට පසු ගෙවල්වලට ගොස් ගිය බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

පොලිස් නිලධාරීන් මාරු කිරීමට ඇමැති ගාමිණී ලොකුගේ සම්බන්ධ බවට ඊයේ (17) ජගත් කුමාර සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස