එන්නත් කාඩ්පත නැත්නම් පොදු ස්ථාන තහනම්…! මුහුදු යන්නත් බෑ…!

September 15, 2021 at 7:43 am | by emanisa.lk

එන්නත් කාඩ්පත නොමැති මන්නාරම ප්‍රදේශයේ අයට මුහුදු යෑම සහ පොදු ස්ථානවල ගැවසීම හෙට (15) සිට තහනම් කෙරෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව ධීවර කටයුතුවලට යන ධීවරයන්ගේ සහ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ගේ එන්නත් කාඩ් පත පොලිස් මුරපොළවල් සහ ධීවර තොටුපළවල්වලදී අද සිට දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත .

මේ සම්බන්ධයෙන් අප මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.විනෝදන් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන නැති පුද්ගලයන් සොයා ගැනුණහොත් ඔවුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර එහි ප්‍රතිඵල මත නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ මන්නාරමේදී අද (14)පැවැති කොවිඩ් කමිටු රැස්වීමේදීය. මේ අතර මන්නාරමේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *