ගෑස් මිල ඉහළ නැංවීමට ලාෆ් ගෑස් සමාගමට අවසර ලබා දුන්න ද මේ වන විටත් රටේ දැඩි ලාෆ් ගෑස් හිඟයක් දැකිය හැකි ය.
ගෑස් වෙළෙඳපොළෙන් 20%ක් පමණ ලාෆ් ගෑස් සමාගමට හිමි අතර ගෑස් හිඟය සමග එම පාරිභෝගිකයින් මහත් අපහසුතාවට පත්ව තිබේ.
රට තුළ පවතින ඩොලර් අර්බුදය, රුපියල අවප්රමාණ වීම සහ අස්වාභාවික ලෙස ගෑස් මිල ඉහළ යාම ලංකාවේ ලාෆ් ගෑස් හිඟයට හේතුව බව එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය පවසයි.
එක් ගෑස් තොගයක් ගෙන ඒම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පමණ උවමනා බවත් රට තුළ ඩොලර් නොමැති වීම නිසා එම ආනයන කරගත නොහැකිව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේ දී උත්තරධ්රැවය ආශ්රිත රටවලට සීත කාලය පැමිණෙන නිසා ජනවාරි පෙබරවාරී වන තුරු ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි ද ඩබ්.කේ.එච්. වෑගපිටිය වැඩි දුරටත් සඳහන් කරයි.