ලාෆ් ගෑස් හිඟයට විසඳුම් ලබන සතියේ….!

August 7, 2021 at 12:09 pm | by emanisa.lk

වෙළෙඳපොළේ ගෑස් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීම ‍හමුවේ, ගෑස් පාර්භෝගිකයින්ගෙන් 20%ක් පමණ පිරිසක් දැඩි අපහසුතාවට පත් ව තිබේ.

වෙළඳපොළේ ගෑස් හිඟයක් ඇති නොවීම සඳහා ලිට්රෝ ගැස් සමාගමේ දෛනික ගෑස් සිලින්ඩර් අලෙවිය අසු දහසේ සිට ලක්ෂය දක්වා වැඩි කිරිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *