පළමු තරඟයෙන් ම ලංකාවට ජය…! 1-0ක් ලෙස ලංකාව ඉදිරියෙන්….!

September 2, 2021 at 11:26 pm | by emanisa.lk

අද පැවැති ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයක් හිමි විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 300ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ඉනිමට එකතු කළේ ය.

ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය ද. අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 05ක් දැවී ලකුණු 286ක් පමණි.

තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ දෙවන තරඟය අනිත්දා (04) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *